Deputy Minister Chathuranga Abeysinghe has issued a clarification following a viral video clip of his remarks on coconut usage in Sri Lanka.
Addressing the matter, he stated that his comments were aimed at highlighting the untapped economic potential of coconut exports.
In a detailed statement, Abeysinghe acknowledged the cultural and culinary significance of coconuts in Sri Lankan households, citing dishes like coconut sambol and coconut milk-based curries as integral to local cuisine.
He pointed out that industrial methods can extract up to 75% of coconut milk, compared to just 30% in traditional household practices.
He also highlighted inefficiencies in domestic coconut usage, which he argued could be reallocated to boost export revenues.
Currently, Sri Lanka earns $850 million annually from the coconut industry, with the potential to increase it to $1 billion.
He reiterated the government’s commitment to developing the coconut industry and increasing its contribution to the national economy.
Deputy Minister Chathuranga Abeysinghe’s full statement:
ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම පොල් පාරිභෝජනය කරන රටවල් අතරින් එකකි. අපේ ආහාර රටාව සහ පොල් අතර ඇත්තේ ආත්මීය බැඳීමක් යැයි කීම වඩාත් නිවැරදිය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයකුගෙන් කෑමට කැමැතිම කෑම කුමක්ද ඇසුවොත් ලැබෙන උත්තරය පොල් සම්බෝල, කරවල බැදුම සමග කැකුළු බත් ය.
පොල් සහ අප අතර බැඳීම ආහාරයකටත් එහා ගිය රසවත් මතකයකි.
එසේම කිරි හොද්දටද අපේ ආහාර පුරුද්දේදි හිමිවන්නේ ඉහළම තැනකි. එයද අතින් මිරිකා ගත් පොල්වලින් සෑදීම දිවට සේම හිතටද එක් කරන්නේ මිහිරකි.
කෙස් නමුත් අපගේ සම්ප්‍රදායික පුරුදු සහ අතීතකාමි මිහිර හේතුවෙන් රටේ ආර්ථිකයක අපනයන විභවයට ඇති අවස්ථාව ඇහිරී යන්නේ කෙසේද කියා සිහි කළ යුතුය.
පොල්, කර්මාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයාගත හැකි ඉතා වටිනා මාර්ගයක් ලෙස හඳුනා ගත හැකිය. දැනට $මිලියන 850ක් දක්වා වර්ධනය වී ඇත
ශ්‍රී ලංකාවේ සමස්ත පොල් ඵලදාව බිලියන තුනක් අවට අගයකි. ඉන් බිලියන 1.6ත් 1.8ත් අතර ප්‍රමාණයක් යොදාගන්නේ දේශීය ආහාර පාරිභෝජනයට ය. ඉතිරිය කර්මාන්තයක් ලෙස පොල්තෙල්, පිටි කළ පොල් කිරි, පොල් ක්‍රීම් ලෙසින් අපනයන අගය එකතු කිරීම් සහ අපනයනය සඳහා භාවිතා කරන්නේය.
ගෘහස්ත පාරිභෝජනයේදි සාම්ප්‍රදායික ලෙස අතින් පොල් මිරිකා කිරි ලබාගැනීමේදි පොල් මදයෙන් උපරිමව ලැබෙන්නේ 30% ක් වැනි අගයකි. නමුත් කර්මාන්තයක් ලෙස යන්ත්‍රානුසාරයෙන් පොල් මිරිකා ගැනීමේදි 75%ට ඉහළ අගයකින් කිරි ලබා ගැනීමට හැකිය.
මේ වනවිට පොල් කර්මාන්තයෙන් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් මිලියන 850 උපයා දෙන්නේය. ඉන් පොල් මදයෙන් කෙරන නිෂ්පාදනවලට සමානවම අගයකින් පොල් කට්ට සහ පොල් ලෙල්ල ආශ්‍රිතව කෙරෙන නිෂ්පාදනවලින්ද අපනයන ආදායමක් ලැබෙන්නේය. පොල් වතුර ද ඉතා හොඳ ඩොලර් උල්පතකි.
පොල් බහුල ලෙස ගෘහස්ත පාරිභෝජනයට ගැනීමෙන් මූලිකවම පොල් කටු, පොල් වතුර සහ පොල් ලෙලි හරහා ලබාගත හැකි ආදායමක් අහිමි වී යන්නේය. එසේම, කාර්මිකව නිපදවන පොල් කිරි ප්‍රමාණයකට පොල් ගෙඩියක් වැය වද්දි ගෘහස්තව පොල් මිරිකා එම ප්‍රමාණයේ කිරි ලබාගැනීමට පොල් ගෙඩි දෙක හමාරක් වැය කළ යුතුය.
එසේම අපේ පොල් වගාවේ ඵලදායිතාවද ඇත්තේ සාපේක්ෂව ඉතා පහළ අගයකය. කේරළයේ පොල් ගසතින් වාර්ෂිකව සාමාන්‍ය පොල් ගෙඩි 110ක් ලැබෙද්දි අපේ පොල් ගසකින් ලැබෙන්නේ ගෙඩි 50කි. නිසි පරිදි වගාවට පොහාර නොයෙදීම, ජලය නොදෑමීම, ඉඩම් කට්ටිය, රිලවුන් – දඬු ලේනුන් වැනි සතුන්ගෙන් සිදුවන හානිය සේම පසුගිය වසර කීපයේ සිදුවූ කාළගුණික විපර්යාසද පොල් ඵලදායිතාව තවත් අඩු කරවීමට හේතු විය.
පොල් කර්මාන්තයේ ඉල්ලුමට අවශ්‍ය තරම් පොල් හිඟවීම අපට ඩොලර් අදායාම වැඩි කරගැනීමට ඇති ප්‍රධානම බාදකයකි.
ගෘහස්ත පාරිභෝජනයේදි පොල් කිරි ලබාගැනීමට අතින් මිරිකා ගැනීම වෙනුවට බ්ලෙන්ඩර් කිරීමට යොමු වීම සහ පොල් වෙනුවට පිටිකළ පොල් හා පොල් කිරි වෙත පාරිභෝගිකයින් යොමු වීමට හැකිනම් පොල් අපනයන කර්මාන්තයේ අවශ්‍යතාවට සරිලන සැපයුම වැඩිකර කර්මාන්තය තවත් වර්ධණය කළ හැකිය.
මෙමෙ ක්‍රියාවට මේ වන විට නාගරික නිවෙස් යොමුවී ඇත. එමගින් කාලය හා කසල ගැටලුව අවම වී ඇති අතර පොල් සම්බෝල සදහා ද ගාපු පොල් භාවිතාව ප්‍රචලිත වෙමින් පවති. මේ සදහා බාදාවනක් වන්නෙ සැකසූ පොල් සදහා VAT බද්දක් ඉහල අලෙවි ලාභයක් (30% retail Margin) තිබීමයි, එය ඉවත් වුව හොත් නිවසට විශාල ආර්ථික ලාබයක්ද හිමිවේ.
කර්මාන්ත අමාත්‍යාංශය ලෙස පොල් මගින් අපට ලැබෙන විදේශ විනිමය ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම කෙටිකාලීන අරමුණයි. ඒ සඳහා අපට ඉතා හොඳ විභවයක් තිබෙන අතර කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධණ අමාත්‍යාංශය ඒ සඳහා උපරිම කැපවීම කිරීමට සූදානම්ය.
පොල් ගස වචනයේ පරිසමාප්තියෙන්ම කප්රුකකි. නමුත්, ආර්ථික අර්බුදයක සිරවී සිටින අපි එයට සාධාරණයක් ඉටු කරනවාදැයි නැවත සිතා බැලිය යුතු නොවේද?
කුමන ආකාරයෙන් වුවත් රට දැන් සීමිත සම්පත් වලින් උපරිම ඵල නෙලාගත යුතුව ඇත. ඔබේ ආහාර රට කිසිවක් වෙනස් නොකර ආකල්පයක වෙනසකින් අපට අමතරව $ මිලියන 200ක් රටට වාර්ශිකව එක් කල හැකිබව පමනක් සටහන් කර තබමි.
Edit කෑලිවලින් හෝ ජනතාව දැණුවත් වේනම් රටක් විදිහට අලුත් ගමනක් යෑමට අවස්තා එමටය. පොල් වගාවට, ආශ්‍රික කර්මාන්ත වලට ඔබ ව්‍යවසායකයෙක් ලෙස යොමු වේනම් ලෝක අනම්‍ය වර්ධනය වෙන වෙළෙඳපොළල ඩොලර් බිලියන 30කි
චතුරංග අබේසිංහ – ව්‍යවසායකත්ව සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය. (Newswire)